CITIZEN SCIENCE CONTEST

August 2021

ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා උනත්, ඝර්ම කලපීය රටක් නිසා අපේ රටේ හමුවෙන එකිනෙකට වෙනස් සතුන් සහ ශාක වර්ග ප්‍රමාණය හරිම ඉහලයි.. ජෛව විවිධත්වය වැඩියි

මේ අපේ දිවයින ලෝකයේ ජෛව විවිධත්වය වැඩිම රටක්.. ඒ වගේම වගේම ජෛව විවිධත්වය වේගයෙන්ම විනාශයට ලක් වෙන රටක්.. ඒ නිසා ශ්‍රී ලංකාව Biodiversity Hotspot එකක් ලෙස හඳුන්වනවා

අපේ රටේ තෙත් කලාපයේ ඉන්න බොහෝමයක් ශාක සතුන් සහ වන මල් වර්ග අපිට ආවේණිකයි – ඒ කියන්නේ ඒවා ස්වාභාවිකව හමුවෙන්නේ අපේ රටේ විතරයි

සිංහරාජ වනාන්තරය කන්නෙලිය දුම්බර වනපෙත හොර්ටන්තැන්න මේ වගේ ප්‍රදේශවල ජෛව විවිධත්වය ජාතික වනෝද්‍යාන වලට වඩා වැඩියි

අපේ රටේ ජෛව විවිධත්වය රැකගැනීමට නම් පළමුවෙන්ම කළයුතු වන්නේ රටේ ජෛව විවිධත්වය ගැන හොඳට දැන ගැනීම ඉගෙන ගැනීම

වර්තමානයේ විශේෂයෙන්ම කෝවිඩ් වසංගතය එක්කම අපේ රටේ ළමුන් සහ වැඩිහිටියන් අතර තාක්ෂණික මෙවලම් ජංගම දුරකතන ලැප්ටොප් පරිඝනක භාවිතය වැඩිවෙලා

අපේ උත්සාහය මේ තාක්ෂනික මෙවලම් හොඳ විදියට පාවිච්චි කරලා පරිසර සංරක්ෂණයට දායක කරගන්නයි

මේ වැඩසටහනෙන්, අපි විශේෂයෙන්ම තරුණ තරුණියන් සහ පාසැල් ළමුන් ට පීඩනයකින් තොරව පරිසරය ගැන ඉගෙනගන්න සොබාදහමට ලංවෙන්න හුරු පුරුදු කරනවා

වනජීවී ඡායාරූපකරණය පුරුදු පුහුනු වෙන්නටත් මෙය උපකාරී වේවි

ඊට අමතරව, පරිසරය ගැන ගැඹුරින් හදාරන්නට කැමති අයට මේ වැඩසටහන වගේම අපේ ඉදිරි වැඩසටහන් මාලාවත් අත්වැලක් වේවි..

පරිසරය ගැන මීට පෙර දැනුම සහ අත්දැකීම නැති අය මේ තරඟයට සහභාගී කරගන්නට හැකිනම්, ඒ අපේ එක අරමුණක

පරිසරය සතා සීපාවා ගැන නොදන්න එක්කෙනෙක් හරි ගහකොලට ලංවෙනවා නම්… මේ වැඩසටහනින් අපි බලපොරොත්තු වෙන්නේ එයයි

තරඟයට සහභාගී වන ආකාරය

ලියපදිංචිය සඳහා 077 677 7022 Whats App අංකයට නම කණ්ඩායමේ නම සහ සම්බන්ධකරගත හැකි දුරකථන අංකයක් එවන්න

අන්තර්ජාල ලියාපදිංචිය සඳහා https://bit.ly/3AUCivK

1. කණ්ඩායම් තරඟයකි.

එක කණ්ඩායමකට සාමාජිකයන් අවම සාමාජිකයන් 4ක් සිටිය යුතුය

~ උපරිම සාමාජිකයන් ගණන 10 ක් පමණි

~ සාමාජිකයන්ගේ වයස හෝ දැනුම් මට්ටම් සීමාවක් නැත

~ පාසැල් දහම් පාසැල් හෝ ගම් මට්ටමින් තරඟ කල හැක

~ කණ්ඩායමක සාමාජිකයන් දිවයිනේ කුමන ප්‍රදේශයක හෝ විය හැකඔබට කණ්ඩායමක් නොමැති නම් කණ්ඩායමකට එක්කර හඳුන්වාදෙනු ලැබේ

~ කිසිදු මූලික දැනුමක් අවැසි නොවේ ඕනෑම අයෙකුගේ පරිසරය හා ජෛව විවිධත්වය ගැන ඇති ආකල්ප සහ උනන්දුව වැඩි කරවීම තරඟයේ ප්‍රධාන අරමුණයි

2. තරඟයට ඇතුලත් වීමට එක් කණ්ඩායමක් විසින් අවම වශයෙන් ශාක සහ සතුන් වර්ග 50 ජායාරූප ගත කල යුතුය

~ ජංගම දුරකතනයකින් ගන්නා පැහැදිලි ඡායාරූප ප්‍රමාණවත් වේ

~ තරඟය ජයග්‍රහණය කිරීමට විවිධාකාරයේ ශාක සහ සතුන් අන්තරගත කර සුලභ මෙන්ම දුර්ලභ සතුන් සහ ගස්වැල් ඇතුලත්ව උපරිම ජෛව විවිධත්වයක් නිරූපණය වන මට්ටමේ ඡායාරූප එකතුවක් තිබීම අත්‍යාවශ්‍ය වේ

3. සතුන් ඡායාරූපයට නැඟීම

~ කෝණ කිහිපයකින් හැකිතරම් පැහැදිලි රූප 3ක් තිබීම ප්‍රමාණවත්

~ සර්පයන් ඡායාරූපයට නැඟීමේදී ප්‍රවේසම් වන්න

සත්ව කාණ්ඩ: සමණලුන්, බත්කූරන්කුරුමිණියන්, මකුලුවන්, ගොල්බෙල්ලන්, ගෝනුස්සන් ඇතුලු ඕනෑම කශේරුක නොවෙන සතෙක්

ක්ෂීරපායින්, කුරුල්ලන්, සර්පයන්, මත්ස්‍යන්, ඉදිබුවන්, හූනන්, කටුස්සන් ඇතුලු ඕනෑම කශේරුක සතෙක්

4. ශාක සහ වනමල් ඡායාරූපයට නැඟීම

~ කෝණ කිහිපයකින් (සම්පූර්ණ ගස, කොළ කිහිපයක්, ගෙඩි හෝ මල් ) හැකිතරම් පැහැදිලි රූප 3ක් තිබීම ප්‍රමාණවත්


පහත ශාක හෝ සතුන් ගේ ඡායාරූප එවීමෙන් වලකින්න

1. ශාක කාණ්ඩ විසිතුරු ශාක – උදා: ඇන්තූරියම්, රෝස ආදී… 

2. වාණිජ බෝග – උදා: තේ, පොල්, රබර්, වී ආදී…

3. සුලබව හමුවන ශාක – උදා: කොස්, දෙල්, අඹ, ආදී…

4. සත්ව කාණ්ඩ ගෘහාශ්‍රිතව සුරතලයට ඇති කරන සතුන් – බල්ලන්, පූසන්, ගවයන් ආදී

5. අන්තර්ජාලයෙන් ලබා ගත් ඡායාරූප එවීමෙන් වලකින්න – තරඟයෙන් ඉවත් කිරීමට සිදුවේ

ඡායාරූප සමඟ පහත තොරතුරු එවන්න

කණ්ඩායම් නම:
තරඟකරුවන්ගේ නම්:
ඡායාරූපයට නඟන ශාකයේ / වන මලේ /සතුන්ගේ ඔබ දන්නා නම:

දිනය: 
කාලය: උදා: උදෑසන දවල් රාත්‍රී වර්ෂාව සහිත වෙලාවක්
පරිසරය: උදා: ගෙවත්ත කුඹුර වැව ඇල වනෝද්‍යානයක් ගල් පොත්තක්

සතෙක් නම් සතාගේ හැසිරීම්, දේහ ලක්ෂණ, දුටු ස්ථානය, දකින විට හැසිරීම, වෙනත් තොරතුරු ලියා එවන්න (සිංහළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්)

වන මලක් හෝ ශාකයක් නම් ඡායාරූපයේ නොපෙනෙන ලක්ෂණ ලියා එවන්න – උදා: මල් වල පාට ශාකයේ හැඩය ගෙඩි වල ස්වාභාවය

උදාහරණයක්:

කණ්ඩායම් නම: මිහිතල
කණ්ඩායම් සාමාජිකයාගේ නම: නයනා සෙවුවන්දි
සතාගේ නම: දෙමලිච්චා සිලිබිල්ලා Babbler
දිනය: 08/02/2021
උදෑසන හොඳින් ඉර එලිය වැටී ඇත
නිවස අවට ඇති වන වදුලක්
තද දුඹුරු පාටයි. කහපාට දිග හොටක් ඇත. කුරුල්ලන් දෙන්නෙක් පොලොවට ආසන්නයේ පඳුරු වල එහාට මෙහාට පනිමින් හිටියා. නිතරම කෑගසනවා. කලාතුරකින් දකින කුරුල්ලෙක්

Contest Information

ශ්‍රී ලංකාවේ පරිසරය සහ වටිනා ජෛව විවිධත්වය සුරැකීමට ප්‍රජා පරිසරවේදීයකු ලෙස ඔබත් දායක වන්න

ඔබ පරිසරයේ දකින සතුන් අවට ඇති ගස් වැල් ඡායාරූපයට නඟා අන්තර්ජාලය ඔස්සේ අගෝස්තු මාසය පුරාවට පැවැත්වෙන තරඟයට සහභාගී වන්න

සතුන් හෝ ශාක පිළිබඳ කිසිම මූලික දැනීමක් අවශ්‍ය නොවේ

අරමුණ: අධ්‍යාපන මට්ටම් වයස් සීමා දැනුම සහ අකල්ප වලට සීමා නොවී පරිසරය සහ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය පිලිබඳ පුරවැසියන්ගේ ආකල්ප සහ කුසලතා වර්ධනය කිරීම

PLEASE FILL THIS FORM TO PARTICIPATE

පහත විස්තර අප වෙත එවන්න

කණ්ඩායම් නම:
ගුරුභවතාගේ හෝ කණ්ඩායම් නායකයාගෙ නම:
කණ්ඩායම් සාමාජිකයන්ගේ විස්තර:

නම වයස ලිපිනයඉගෙනුම ලබන වසර හෝ රැකියාවදිස්ත්‍රික්කයහැඳුනුම් පත් අංකය
1
2
3
4
5
6